Blogger Widgets

Thursday, April 26, 2012

රැකියාවේ දියුණුවට "ගොට්ට" ඇල්ලීමේ කලාව


වර්ථමානය වන විට ව්‍යාපාරික ලෝකයේ ඇතිවී තිබෙන තරග කාරිත්වයත් අධ්‍යපන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන නව පිබිදීමත් හේතු  කොට ගෙන තරුණ තරුණියන වැඩි  වශයෙන් කාර්යාල රැකියා සදහා යොමු වීමට නැබුරුතාවක් දක්වන අතර, බොහෝ පිරිසක් රැකියා අවස්ථාවන් සොයා කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශ වලට සංක්‍රමණය වීම සිදු වේ.

මේ තුල ඇතිවී තිබෙන රැකියා ඉල්ලුම දිනෙන් දින ඉහල යන අතර, එයටත් වඩා රැකියා අවස්ථා ද පෙරට වඩා පුලුල් වෙමින් නව තාක්ෂණය සමග  නව ආරක රැකියා වෙළද පොලක් ද වර්දනය වී ඇත.
කෙසේ වෙතත් රැකියා සොයා ගැනීම වර්ථමාණය වන විට තරුණ තරුණියන් හට දැඩි අභියෝගයක් වී ඇත, මක්නිසාද යත් රජයේ හා පුද්ගලික අංශයේ ඇති සීමිත රැකියා අවස්තාවන් සදහා පිරිස් වැඩි වශයෙන් ඉල්ලුම් කිරීමත් එවා සදහා තොරා ගැනීමට දැඩි තරගකාරී විභාග සහ සම්මුක පරීක්ෂණ සදහා පෙනී සිටීමටත් සිදුව තිබේ.එම නිසා තරග විභාග සහ සම්මුක සාකච්චා හරහා සැබෑ දක්ෂයන් නැතහොත් අදාල රැකියාව සදහා දැනුම සහ පලපුරුද්දක් ඇති පුද්ගලයින් හට අවස්තාව හිමි වන අතර නුසුදුස්සන් නැතහොත් අදාල රැකියාව සදහා දැනුම සහ පලපුරුද්ද රහිත පුද්ගලයන් ඉවත් වීම සිදු වේ.

නමුත් ඉහත කී පරීක්ෂනයන්ට පෙනී නොසිට තමන්ගේ දැන ඇදුරුම් කම් මත රැකියා සදහා පිවිසෙන්නද නැතුවාම නොවේ. එලෙස පිවිසෙන්නන් හට තමන්ගේ රැකියාව නිසි ලෙස කරගෙන යාම සදහා බාදා ඇතිවීම සාමාන්‍ය කරුණක් වී ඇත.

තවද රැකියාවේ ඉහලට යාමට පොදුවේ ක්‍රම රාශියක් ඇති අතර එයින් ක්‍රමවේදයන් දෙකක් පහත් දක්වා ඇත දෙකක් ඇත. එවා නම්, 

1. නිසි අධ්‍යපනයක් සහ පලපුරුද්දක් සහිතව ලබන උසස්වීම
2. ගොට්ට ඇල්ලීම තුලින් ලබගන්නා උසස්වීම

නිසි අධ්‍යාපනය යනුවෙන් අදහස් කරුනුයේ, පාසල් අධ්‍යාපයෙන් පසු ලබා ගන්නා තෘතීය අධ්‍යාපනය සහ වෙනත් වෘත්තීය පාඨමාලා තුලින් ලබන්නා වු අධ්‍යාපනය සහ පලපුරුද්ද වෙයි.
එහෙත් ඉහත දෙවන කාණඩය රැකියාව තුල  රැදීසිටීමට "ගොට්ට" හෙවත් සාමන්‍ය ව්‍යවහාරයේ යෙදෙන "මුට්ටි" ඇල්ලීමේ කලාව තොරා ගන්නා අතර ඔවුන් ආයතනයේ සිටින කලමණාකරුවන්ගේ සහ ඉහල නිලධාරීගේ සුවච කීකරු සෙවකයන් බවට අගවමින් "එහෙයි සර්" න්‍යයාය ක්‍රියාවේ යොදවමි න්  ආයතන  තුල යෙහෙන් වැජබෙයි.  තවද ඉතාමත් ඉක්මනින් රැකියාව තුල උසස් වීම් ලබන මොවුන් ආයතන වල ඉහල තලයට සාමාන්‍ය වෙගයට වඩා වැඩි වෙගයකින් ලගා වීම දැක ගත හැක. නමුත් මෙම ක්‍රමය ඉතාමත්ම සුවපහසු වුවත් එය ඉතාමත්ම තාවකාලික ජයග්‍රහනයක් වන්නේය

 එසේ නම යම් කෙනෙකු එලෙස ඉහලට යාම හොද යැයි සිතන්නට පුලුවන. නමුත් මම දකින ආකාරයට එය රටට සහ සමාජයට ඉතාම නරක ආකරයෙන් බලපාන්නට පුලුවන.මක් නිසාද යත් අධ්‍යපන මට්ටමෙන් පහල සාමන්‍ය සෙවකයාට වඩා අධ්‍යපන මට්ටමෙන් පහල කළමනාකරුවන් මගින් ඇති කරන බලපෑම අති විශාලය. මක් නිසාද යත් වර්ථමානයේ ඇති අධි තරගකාරී ආර්ථික රටාව තුල ආර්ථිකමය වශයෙන් වාසිදායක තීරණ ගැනීම එතරම් පහසු නොවන අතර ඒ සදහා ඉතාමත් උසස් දැනුමක් සහ පලපුරුද්දක් අවශ්‍ය වන අතර වගකීම දැරීමේ ශක්තියද අනිවර්‍යයෙන්ම අවශ්‍ය වන්නේය.ඔවුන් විසින් ගන්නා ලද තීරණ මගින් ආයතන තුල අධික පාඩු ඇති කල හැකිය
එසේනම් තමන් රැකියාවක් සදහා අයදුම් කිරීම හා තම දැනුමට සහ කුසලතාවයන්ට සරිලන රැකියාවක නිරත වීම වඩා වැදගත් වන අතර රැකියාව තුලින් ලබන පලපුරුද්ද සමග තමන් තුල ඇති දැනුම වර්ධනය කර ගැනීම තුලින් ලබන්නාවූ දියුණුව පවත්වා ගැනීමට පහසු අතර එය සමාජයට මෙන්ම රටට ද හිතකර වේ.

No comments:

Post a Comment

www.helpworld.cc.cc