Blogger Widgets

Saturday, April 7, 2012

දන්නවාද මේවා?

01. වැඩුණු මිනිසෙකුගේ සිරුරේ අස්ථි 206 ක් තිබේ. අළුත උපන් දරුවෙකුගේ සිරුරේ අස්ථි කැබලි 300ක් පමණ තිබේන අතර දරුවා වැඩෙන විට අස්ථි කැබලි 94 ක් පමණ ක්ෂය වී යන බව ඔබ දන්නවාද?

02. මැක්කෙකුට උගේ උස මෙන් 130 ගුණයක් උඩ පනින්නට පුලුවන් උවත් මිනිසාට උඩ පැනිය හැක්කේ තමන්ගේ උස ප්‍රරමාණය බැව් ඔබ දන්නවාද?

03. ලොව සිටින සතුන් අතරින් ඉතාමත්ම අනතුරු දායක සත්වයා වන්නේ ගෙමැස්සායි. අපද්‍රව්‍ය මතම වසන ගෙමැස්සා සියලු සතුන් වෙත විශාල ප්‍රමාණයක් ලෙඩ රෝග ගෙනෙන බව ඔබ දන්නවාද?

04. සර්පයින් ඇත්ත වශයෙන්ම මාංශ භක්ෂිතයන් උවත් උන් කිසිදා කිසිදු සතෙකු නොකන බව ඔබ දන්නවාද?

05. ලොව ලොකුම උභය ජීවියා වන්නේ යෝධ සලමන්දරා යි. ඌ අඩි පහක් පමණ දිගට වැඩෙන බව ඔබ දන්නවාද?

06. මිනිස් සිරුරේ ඇති කුඩාම අස්ථිය ඇත්තේ මිනිසාගේ මැද කන ආශ්‍රීතවයි. එය ආසන්න වශයෙන් 11ම්.ම්. ක් පමණ දිග බව ඔබ දන්නවාද?

07. නිල් තල්මසාට සාමන්‍යයෙන් ඩෙසිබල් 188 පමණ ශබ්දයෙන් හඩ නැගිය හැකිය. එය සාමන්‍යයෙන් සැතපුම් 530 ක් පමණ දුරට ඇසෙන අතර එම ශබ්දයෙන් හඩ නැගිය හැකි ලොව වසන එකම සත්වයා නිල් තල්මසා බව ඔබ දන්නවාද?

08. මිනිසා විසින් තනන ලද ලොව ලොකුම විල ඇත්තේ ඇමරිකාවේ වන අතර එය මියැඩ් බව ඔබ දන්නවාද?

09. ලොව විෂ අධිකම සත්වයා ලෙසින් ගැනෙන්නේ මධ්‍යම ඇමරිකාවේ වෙසෙන ඇරෝ ෆෝග් නම් ගෙම්බා බව ඔබ දන්නවාද?

10. මිනිසා වසරකට 4,200,000 පමණ වාරයක් ඇසි පිල්ලම් ගසන බව ඔබ දන්නවාද?

11. ස්ටාර් ෆිෂ් මාලුවාට මොලයක් නොමැති බව ඔබ දන්නවාද?

12. එමු සහ කැන්ගරුවාට පසුපසට ගමන් කල නොහැකි බව ඔබ දන්නවාද?

13. බළලුන්ට කටහඩ 100 ක් පමණ තිබෙන නමුත් සුනඛයින්ට ඇත්තේ කට හඩවල් 10ක් පමණක් බව ඔබ දන්නවාද?

14. ඉත්තෑවාට ජලයේ පාවෙන්නට හැකි බව ඔබ දන්නවාද?

15. පැස්බරාගේ ඇස් උගේ මොලයට වඩා විශාල බව ඔබ දන්නවාද?

16. බූවල්ලාගේ කලු ඉංගිරියාව සෘජුකෝණාශ්‍රාකාර බව ඔබ දන්නවාද?

17. ඔබට දෙනෙත් ඇරගෙන කිවිසුම් යවන්නට බැරි බව ඔබ දන්නවාද?

18. තලගොයාට විනාඩි 28 ක් පමණ දිය යට සිටිය හැකි බව ඔබ දන්නවාද?

19. මිනිසාගේ ඇස් දෙක උපතේ සිට නොවෙනස්ව එකම ප්‍රමාණයෙන් පැවතියද, කන් සහ නාසය ජීවිත කාලය පුරා වැඩෙන බව ඔබ දන්නවාද?

20. කූඹීන් කෑම හපා කන්නේ නැත, ඒ වෙනුවට උන් කරන්නේ කෑම හක්ක කොනකට දමා කතුරකින් කපන්නා සේ කපා එහි යුෂ උරා බීම පමනක් බව ඔබ දන්නවාද?

21. ලොව පසුපසට පියාබිය හැකි එකම කුරුල්ලා හමිංග්බර්ඩ් බව ඔබ දන්නවාද?

22. බළලාට උගේ හක්ක දෙපසට සෙලවිය නොහැකි බව ඔබ දන්නවාද?

23. කැබැල්ලාවාට දිනකට පැය 19 ක් පමණ නිදාගන්නා බව ඔබ දන්නවාද?

24. උඩුබැලි අතට නිදාගත හැකි එකම සත්වයා මිනිසා බව ඔබ දන්නවාද?

25. කැබැල්ලාවාට දිය යට ඇවිද යා හැකි බව ඔබ දන්නවාද?

26. සෑම විනාඩියකම අපගේ සමහි සෛල 30,000-40,000 ක් පමණ මිය යන බව ඔබ දන්නවාද?

27. ඔබේ සිරුරේ ඇති මේදය එකතු කර ගතහොත් එයින් සබන් බාර් 7 ක් පමණ සෑදිය හැකි බව ඔබ දන්නවාද?

28. ඔබේ සිරුරේ ඇති ඔක්සිජන් වලින් 25% ක් පමණ පාවිච්චියට ගන්නේ ඔබේ මොලය බව ඔබ දන්නවාද?

29. මිනිසුන් දිනකට වාර 24,000 ක් පමණ ඇසිපිය හෙළන බව ඔබ දන්නවාද?

30. සළඹයාට ආමාශයක් නැති බව ඔබ දන්නවාද?

31. සීබ්‍රා යනු සුදු සමක් සහිත කලු ඉරි වලින් වර්ණවත් වූ සතෙකු බව ඔබ දන්නවාද?

32. තම සිරුර හා සසදන කල ලොව ලොකුම මොලය ඇත්තේ කූඹියාට බව ඔබ දන්නවාද?

33. ජිරාෆයාට කහින්නට බැරි බව ඔබ දන්නවාද?

34. මෝරාට කිසිදින පිලිකා නොවැළදෙන බව ඔබ දන්නවාද?

35. තප්පර 3 ක් ඇතුලත පැයට කි.මී. 0 සිට 70 දක්වා වේගය වැඩි කරන්නට චීටාට පුලුවන් බව ඔබ දන්නවාද?

36. වැඩුණු අලියෙකු දිනකට නිදාගන්නේ පැය 2ක් පමණක් බව ඔබ දන්නවාද?

37. පොකිරිස්සාට ඇත්තේ නිල් පාට රුධිරය බව ඔබ දන්නවාද?

38. මෝරාගේ දත් වානේ මෙන් හයිය බව ඔබ දන්නවාද?

39. මදුරුවාට දත් 47 ක් ඇති බව ඔබ දන්නවාද?

40. මිනිස් සිරුරේ 90% ක්ම සකස් වී ඇත්තේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, සහ නයිට්‍රජන් වලින් බව ඔබ දන්නවාද?

41. කැරපොත්තාට උගේ හිස නැතිව සතියක පමණ කාලයක් ජීවත් විය හැකි බව ඔබ දන්නවාද?

42. වැඩුණු මිනිසෙකුගේ දිනකට ඛේටය ගැලුමෙන් 1/4 පමණ නිෂ්පාදනය කරන අතර එය වසරකට ගැලුම් 10,000 ක් පමණ බව ඔබ දන්නවාද?

43. කූඹීන් නිදා නොගන්නා බව ඔබ දන්නවාද?

44. නිරෝගී නිය පොත්තක් වසරකට සෙ.මී. 2 ක් පමණ වැඩෙන අතර කකුලේ නියපොත්තකට වඩා හතර ගුණයක් වේගයෙන් අතේ නියපොතු වැඩේන බව ඔබ දන්නවාද?

45. හොදින් වැඩුණු මිනිසෙකුගේ හිසේ කෙස් ගස් 100,000 පමණ තිබෙන අතර, එක් කෙස් ගසක් වසරකට අගල් 5ක් පමණ වැඩෙන බව ඔබ දන්නවාද?

46. ඔබේ සිරුර තුල ඇති ලේ නාල වල දිග කි.මී. 97,000 ක් පමණ වන බව ඔබ දන්නවාද?

47. වැඩුණු කාන්තාවක් දිනකට වචන 7,000 ක් පමණද, වැඩුණු පිරිමියෙක් දිනකට වචන 3500 ක් පමණද කතා කරන බව ඔබ දන්නවාද?

48. වැඩුණු මිනිසෙකුගේ හිසින් දිනකට කෙස් ගස් 40-100 ක් අතර ප්‍රමාණයක් හැලෙන බව ඔබ දන්නවාද?

49. මිනිසෙකු යවන කිවිසුමක වේගය පැයට සැතපුම් 100 ක් පමණ වන බව ඔබ දන්නවාද?

50. වැඩුණු මිනිසෙකු තම ජීවිත කාලය තුල වතුර ගැලුම් 16,000 ක් පමණ පානය කරන බව ඔබ දන්නවාද? 

51. මිනිසෙකු ගේ සිරුරේ ඇති ශක්තිමත්ම මාංශ පේශිය දිව බව ඔබ දන්නවාද?

52. මිනිසෙකු විනාඩියකට 25 වාරයක් පමණ ඇසිපිය හෙලන බව ඔබ දන්නවාද?

53. මිනිසෙකුගේ අක්මාව මිනිස් සිරුරේ කාර්යයන් 500 ක් පමණ ඉටු කරන බව ඔබ දන්නවාද?

54. වැඩුණු මිනිසෙකු තම ජීවිත කාලයෙන් 1/3 ක් පමණ නිදාගැනීමට වැ‍ය කරන බව ඔබ දන්නවාද?

55. වැඩුණු මිනිසෙකු සාමාන්‍යයෙන් දිනකට 15 වතාවක් පමණ හිනාවෙන බව ඔබ දන්නවාද?

56. මිනිසෙකු ගේ හදවත දිනකට 100,000 පමණ වාර ගණනක් ගැහෙන බව ඔබ දන්නවාද?

57. සුනඛයෙකුගේ ආඝ්‍රාණ ශක්තිය (ගද සුවද දැනීම ) මිනිසෙකුගේ මෙන් 1000 ක් ගුණයක් බව ඔබ දන්නවාද?

58. මෝරෙකුට දත් 4000 ක් පමණ තිබුණත් ඒවා මි.මී. 2කට වඩා දිග නැති බව ඔබ දන්නවාද?

59. මදුරුවා නිල්පාටට වඩාත් ආකර්ශණය වෙන බව ඔබ දන්නවාද?

60. කූනිස්සාගේ හදවත ඇත්තේ උගේ ඔලුවේ බව ඔබ දන්නවාද?

61. ගොලුබෙල්ලාට එක දිගට අවුරුදු 3 පමණ නිදාගත හැකි බව ඔබ දන්නවාද?

62. ලෝකයේ සුනඛයි වර්ග 700 ක් පමණ සිටින බව ඔබ දන්නවාද?

63. එළදෙනක තම ජීවිත කාලය තුල ආසන්න වශයෙන් කිරි වීදුරු 200,000 ක් පමණ ලබා දෙන බව ඔබ දන්නවාද?

64. ඉපදෙන විට කැන්ගරු පැටවකු අගලකට වඩා උස නැති බව ඔබ දන්නවාද?

65. කෑරලෙකු ට මිනිත්තුවකට වරක් පමණ කෙටීමට හැකි බව ඔබ දන්නවාද?

66. සුළං සමග ඇදී එන වැලි වලින් තම දෙනෙත් ආරක්ෂා කර ගැනීම සදහා ඔටුවෙකුට ඇහි පිල්ලම් 3 ක් ඇති බව ඔබ දන්නවාද?

67. ලොව වේගයෙන්ම පියාඹන කෘමියා බත්කූරායි. ඌ පැයට සැතපුම් 50-60 අතර වේගයකින් පියාඹන බව ඔබ දන්නවාද?

68. 'බොහොඩා' කටුස්සාගේ (Chameleon) දිව උගේ දිග මෙන් දෙගුණයක් පමණ වන බව ඔබ දන්නවාද?

69. ජිරාෆයාට ස්වර තන්ත්‍ර නොමැති බව ඔබ දන්නවාද?

70. 'අල්බට්‍රොස්' නම පක්ෂියාට පියාඹද්දී නිදාගත හැකි බව ඔබ දන්නවාද?

71. රැහැයියාගේ කන් දෙක පිහිටා ඇත්තේ උගේ ඉදිරිපස පාදයේ දණහිසට මදක් පහලින් බව ඔබ දන්නවාද?

72. ධාරාණිපාත වර්ෂාවකදී වැහි බින්දුවක් පැයට සැතපුම් 18ක පමණ වේගයෙන් පොළවට පතිත වන බව ඔබ දන්නවාද?

73. මිනිත්තුවකට ලොව පුරා වැහි බින්දු ටොන් බිලියනයක් පමණ ඇද හැලෙන බව ඔබ දන්නවාද?


74. අකුණු සැරයකට සැත්පුම් 60 ක් පමණ දුර ගමන් කල හැකි බව ඔබ දන්නවාද?

75. අකුණු සැරයක් පැයට සැතපුම් 14,000 ක පමණ වේගයෙන් ගමන් ගන්නා අතර, එය වෝල්ට් 300, 000 පමණ විදුලි බලයක් රැගෙන යන බව ඔබ දන්නවාද?

76. සාමන්‍යයෙන් වර්ග සැතපුමකට පිරෙන මීදුමේ ජලය ඇත්තේ ගැලුමකටත් වඩා අඩුවෙන් බව ඔබ දන්නවාද?

77. බ්‍රහස්පති ග්‍රහයා පෘතුවිය මෙන් 1000 ගුණයක් විශාල බව ඔබ දන්නවාද?

78. හේලීගේ වල්ගා තරුව පෘතුවියට දිස්වන්නේ වසර 76 කට වරක් පමණක් බව ඔබ දන්නවාද?

79. විශ්වය පුරා බිලියන 100 කට වඩා අධිය සෞර ග්‍රහ මණ්ඩල ඇති බව ඔබ දන්නවාද?


80. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පොළවේ සිට සැතපුම් 248 ක් උඩ බව ඔබ දන්නවාද?

81. වසරකට සෙ.මී. 34 ක් පමණ සද පෘතුවියෙන් ඈත් වෙමින් සිටින බව ඔබ දන්නවාද?


82. වසරකට මිලියනයක් පමණ වූ භු කම්පා වලින් මේ මහ පොළව සෙළවෙන බව ඔබ දන්නවාද?

83. සෑම ත්ප්පරයකට ම ලොව පුරා අකුණු සැර 100 ක් පමණ මහ පොළව ආක්‍රමණය කරන බව ඔබ දන්නවාද?

84. මිනිස් සිරුරේ වැඩෙන පටි පනුවාට මීටර් 23 ක් පමණ දිගට වැඩෙන්නට හැකි බව ඔබ දන්නවාද?

85. බ්ලැක් විඩෝ (Black Widow) වර්ගයේ ගැහැණු මකුළුවා සංසර්ගයෙන් පසු තම සහකාර පිරිමි මකුළුවා මරා ආහාරයට ගන්නා බව ඔබ දන්නවාද?


86. විදුලි ආදාට හදිසි පහර දීමක් සදහා වෝල්ට් 650 ක පමණ විදුලි බලයක් නිපදවා ගත හැකි බව ඔබ දන්නවාද?

87. වසරකට ඉන්දියාවේ චිත්‍රපට නැරබීම සදහා වන ප්‍රවේශ පත් මිලියන 300 ක් පමණ අළෙවි වන බව ඔබ දන්නවාද?

88. චොක්ලට් කන්නට දීම සුනඛයින්ට මරු කැදවන ක්‍රියාවකි, චොක්ලට් සුනඛයින්ගේ හදවතට සහ ස්නායු පද්ධතියට බලපෑම් කරන බව ඔබ දන්නවාද?

89. මිනිසෙකුගේ ඇගිලි සළකුණු සේම දිවෙහි සළකුණු ද එකිනෙකාට වෙනස් බව ඔබ දන්නවාද?

90. BOOKKEEPER යනු ඉංග්‍රීසි භාෂාවේ ඇති එක පිළිවෙලට තුන් වරක් සමාන අකුරු දෙක බැගින් යෙදෙන එකම වචනය බව ඔබ දන්නවාද?





91. 'The quick brown for jumps over the lazy dog' යන වාක්‍යයට ඉංග්‍රිසි හෝඩියේ ඇති සියලුම අකුරු ඇතුලත් වී ඇති බව ඔබ දන්නවාද?

92. ලොව වැඩියෙන්ම පාවිච්චි කරන නම 'මොහොමඩ්' බව ඔබ දන්නවාද?

93. 111,111,111 x 111,111,111 වැඩි කිරීමෙන් එන පිළිතුර 12,345,678,987,654,321 බව ඔබ දන්නවාද?

94. හිමෙහි ජීවත් වන පෝලර් වළසා වමත් කාරයෙකු බව ඔබ දන්නවාද?

95. සමනලයින් රස බලන්නේ තම දෙපා වලින් බව ඔබ දන්නවාද?


96. උසක සිට බිමට පනින්නට බැරි එක ක්ෂීරපායී සත්වයා අලියා බව ඔබ දන්නවාද?

97. ලොව ලොකුම බිත්තර දමන්නේ මෝරුන් බව ඔබ දන්නවාද?

98. දිනකට ලොව පුරා ජලය ගැලුම් බිලියන 400 ක් පමණ පාවිච්චි කරන බව ඔබ දන්නවාද?

99. ලොව වැඩියෙන්ම කතාකරන භාෂාව චීන මැන්ඩරියන් භාෂාව බව ඔබ දන්නවාද?

100. ජලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එක් වීමෙන් බව ඔබ දන්නවාද?

101. චිම්පන්සියෙකු විවිධ සංඥා 300 ක් පමණ හදුනාගත හැකි බව ඔබ දන්නවාද?



102. ලොව කුඩාම පියාපත් ඇති කෘමියා වන්නේ ටැන්සානියානු පරපෝෂිත දෙබරා යි.

103. අළු තල්මසුන් ආර්ටික් වල සිට මැක්ෂිකෝ දක්වා සැතපුම් 12,500 ක් පමණ පීනා ගොස් නැවතත් ආර්ටික් පෙදෙසටම යයි, ලොව වැඩිම දුරක් පීනා යන්නේ උන් බව ඔබ දන්නවාද?

104. සමහර උණ ගස් ප්‍රභේද දිනකට අඩි 3 ක් පමණ උසට වැඩෙන බව ඔබ දන්නවාද?

105. අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ටොන් 500 ක් පමණ බරකින් යුක්ත වන අතර එය පාපන්දු පිටියක් තරම් විශාලත්වයකින් යුක්ත බව ඔබ දන්නවාද?


106. ලොව වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් මිය යන්නේ ක්ෂය රෝගය වැළදීමෙන් බව ඔබ දන්නවාද?

107. ලොව උපදින දරුවන් 2000 කට එක් අයෙක් දත් ඇතිව උපදින බව ඔබ දන්නවාද?

108. පෘතුවි මධ්‍යයේ උෂ්ණත්වය සාමන්‍යයෙන් සෙල්සියස් අංශක 5500 ක් පමණ බව ඔබ දන්නවාද?

109. ආර්ජන්ටිනාවේ නිව්ෆවුන්ඩ්ලන්තයේ සාමාන්‍යයෙන් වසරේ දින 206 ක් පමණ මීදුමෙන් වැසී තිබෙන බව ඔබ දන්නවාද?

110. ලොව පුරා බළලුන් මිලියන 500 ක් පමණ ජීවත් වුවත්, සුරතල් සතෙකු ලෙස බළලාට ඇත්තේ පහළ ස්ථානයක් බව ඔබ දන්නවාද?

                                                                                             අන්තර්ජාලය හා පොතක් ඇසුරින්.......




2 comments:

  1. හරිම අගනා කරුණු ටිකක්.යමක් දැනගත්තා සහෝ..බොහොම ස්තුතියි!

    ReplyDelete
  2. ස්තුතියි මට හම්බ වුන අගනා කරුණු ටිකක්, හැමොටම දැන ගන්න දැම්මා....

    ReplyDelete

www.helpworld.cc.cc