Blogger Widgets

Tuesday, November 15, 2011

තැපෑලෙන් ලියුමක්..

D 4663
ලා.කෝ. ජනක දිනේෂ් බණ්ඩාර
මාවතගම ජාතික පාසල
ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය
රන්දෙනිගල
රන්ටැබේ



දෙනුවන් විසින් ඔබ සෙවූ මොහොතක හද බැදි සෙනෙහසින්
                                                                                          නිවසේදී,

මා ආදර්ණීය අයියා වෙත,

කවදාද ආයේ එන්නේ
හමු වන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
දැක ගන්න ඔබේ දසුන්

 අයියේ ඔයා නැති පාලුව මට හොදින් දැනෙනවා. මා ඔබ මේ ගමන යන විට මට මේ තරම් දුකක් අත්වේ යැයි මා සිතුවේ නැහැ. නැත්නම් ඔබට මේ ගමන යාමට මා කීයටවත් ඉඩදෙන්නේ නැහැ. මුලින්ම ඔබ මේ ගමන යාමට අකමැති වුනෙන් මට මේ විදිහට දුකක් නොදිමට වෙන්න ඇති. ඒදා ඔයගේ අදහසට මා එකග වූවා නම් අද මෙහෙම මට දුකක් නැහැනේ. මට හිතෙන්නේ ඔයාටත් එහෙමම ඇති. මොනවා වුනත් ඔයා ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කර ගන්න.

අය්යේ මට ඔයට මේ ලිපිය ලියන්න හිතුවේ මට ඔයා ඇර දැන් වෙන පිහිටක් නොමැති නිසා. මගේ ජීවිතයේ මා ගත කල සොදුරුම මොහොත ගත කලේ ඔයත් ඒක්ක. නමුත් මා හිතන්නේ අපි ඉක්මන් වුනා වැඩියි කියලා. මම දැන් මගේ දෙමව්පියන්ට මුහුණ දෙන්නේ කොහොමද කියන චකිතය නිතරම මගේ හිතට වද දෙනවා. අයියේ ඔයා කවදාවත් වෙනස් වෙන්න ඒපා. ඔයාගේ යළුවෝ මට නෝන්ඩි කරනවා ඔයා වෑවුඩ (ගමක නමක්) කෙල්ලෙකුට ට්‍රයි කරනවා කියලා. නමුත් මට ඔයාව විස්වාසයි. ඒ විස්වාසය නිසයි මන් මගේ ජීවිතය ඔයාට පූජා කලේ. මාව කවදාවත් තනි කරන්න ඒපා, දැන් මට යන එන මන් නැති ගානයි. මන් ඔයා ගැන තියන විස්වාසය නිසයි කෙල්ලෙක්ගේ සීමාවෙන් එපිටම ගියේ. මන් තවදුරටත් වයස අවුරුදු 16 ක කෙල්ලක් නොව්. මෙච්චර අඩු වයසකින් මට මෙහෙම සිදු වීම ගැන මට හරියට දුක හිතෙනවා.

අයියේ මින් ඉදිරියටත් මා මේ ලියුම ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඔයාගේ හිතත් හරියට කෙල්ලක්ගේ වගේ නිසා. ඔයාට මේ ලියුම තවදුරටත් ලියලා දුක්දෙන්න මට වුවමනාවක් නැහැ. ඒ නිසා මන් මෙතනින් නවතිනවා. ඔයාට සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි

                                                                                                     මීට ඔබේ ආදරනීය

                                                                                                                    සුජී

මං අහන්නෙ නම් නැහැ රත්තරනේ
දුක දරා ගත්තෙ කොහොමද කියලා.....
මං දුරින් උන්නු කාලෙදි දැනුනා
මං මට විතරක් අයිති නෑ කියා... ...



ඉතින් ඔන්න ඔහොම තමා පොඩීගේ කෑම්ප් එකට ලියුම ඇවිත් තිබුනේ. ඉතින් කෑම්ප් එකට ලියුම් ආපුවාම ඔවා එක පාරටම අයිති අයගේ අතට යන් නෑ. ඔවා ඉස් ඉස්සල්ලාම බලන්නේ ප්ලැටූන් එකත් එක්ක යන කමාන්ඩර්, ඒ කියන්නේ ස්කෝලේ කැඩට් ටීම් එක බාර ගුරුවරයා. ඒත් ඉතින් කරුමෙක මහත කියන්නේ ඔය ලියුම එන අවුරුද්දේ අපේ ස්කෝලේ කැඩට් සර් අපිත් එක්ක කෑම්ප් ගියේ නෑ. ඉතින් අපේ ස්කෝලෙට ලියුමක් තියනව දැක්ක වාරියපොල සුමන්ගල ස්කෝලෙ සර් ලියුම කඩල කියවලා බලද්දි මේක දැකලා ඔය ලියුම එතන ඉදපු කමාන්ඩර්ස්ලා සේරටම පෙන්වලා...කොහොම හරි කට්ටිය ඔකෙන් හොද ආතල් එකක් අරන්. ඉළගට කමාන්ඩර්ස් ගෙන් ලියුම ලැබෙන්න තිබුනේ ප්ලැටූන් එකේ සාජන්ට. එත් ඒ අවුරුද්දෙ අපේ ස්කෝලෙන් CSM කෙනෙක් ඒ කියන්නේ සාජන් මේජර් කෙනෙක් ඉදපු නිසා ඊලගට ලියුම ගියේ CSM අතට. ඕක දැකපු අපේ CSM, 4 NCC එකත් එක්ක ගිය හැම CSM ලටයි Rර්‍SM (රෙජිමේන්තු සාජන් මේජර්) ටයි ඕක පෙන්නලා, දැන් කට්ටියගේ ෆ්න් එක තවත් වැඩී.

කොහොම හරි ලොකූ ආතල් එකක් දුන්න ලියුම ඊලගට මට දෙන්න කට්ටිය තීරනය කරල. හැබැයි ඒ මම තනියෙන් ඉන්නකොට නම් නෙවේ. ඒ තමා මෙස් එක ඇතුලේ. මෙස් එක කියන්නේ ඉතින් හැමෝම කෑම කන තැන කියලා ඉතින් කවුරුත් දන්නවනේ. කොහොම කොහොම හරි අන්තිමේට මට ආව ලියුම මුලු 4 NCC එකම ඉස්සරහ කියවලා තමා අන්තිමේට මගේ අතට ආවේ. ඉතින් ඔන්න ඔහොම තමා හැමදාම චාටර් වෙන පොඩී කෑම්ප් එකට ආව ලියුම කියෙව්වේ.

කොහොම හරි පොඩී චාටර් වුන ලියුම එවපු ස්කෝලෙ යාලුවෝ සේරම ආදරයෙන් මතක් කරනව.

1 comment:

www.helpworld.cc.cc