Blogger Widgets

Friday, November 11, 2011

අපට අහිමි වු අපේ උරුමය....

 පොදු රදමඩුලු කීඩා තරගාවලිය වැනි කීඩා තරගාවලියක අනුග්‍රහකත්වය දැරීම අප රටට හිමි වීම වුවානම් රටක් වශයෙන් එය අප ලබන්නාවු විශාල ජයක් වනවා නිසකය.මක්නිසාද යත් එමගින් සංවර්ධනය වන හම්බන්තොට කීඩා පිටි, ගොඩනැගිලි, මාර්ග ගනන අති විශාලය. තවද දකුණු ආසියාකරයෙහි එම වාසනාව හිමි වු 2010 අනුග්‍රහකත්වය දැරූ ඉන්දියාවට පසු දෙවන රට බවට බවට අප පත් වීමට තිබින. 

පොදු රදමඩුලු කීඩා තරගාවලිය වැනි තරගාවලියක් අහිමි වීම තුලින් අප රටට ගලා ඒමට නියමිතව තිබු මහා පරිමාන ආයෝජන, සංවර්ධන ව්‍යපෘති අහිමි වනවා මෙන්ම එතුලින් අති මහත් ප්‍රයෝජන ලබා ගැනීමට සිටි අප රටේ නැගී එන තරුණ කීඩක කීඩිකාවන්ද ඒ අනගි අවස්ථාව අහිමිව යාම කණගාටුවට හේතුවේ. එයට හේතුව 2018 ඔස්ටෙිලියාව බලා පිටත්ව යන කීඩක කීඩිකාවන් පිරිසකට වඩා වැඩ් පිරිසකට එයට සහභාගිත්වය තුලින් අති මහත් ජ්‍යත්‍යන්තර කීඩා අත්දැකිම් තුලින් අප රට අනාගතයේදි  රනින්, රිදියෙන්, සහ ලෝකඩින් සැරසිමට හැකියාව තිබු හෙයිනි.

නමුත් 2018 පැවැත්වීමට නියමිතව තිබු කීඩා තරගාවලිය අහිමි වීම තුල බලවත් සේ කමිපාවට පත්වනුයේ ඹවුන් නොව තරගාවලිය තුලින් තමන්ගේ මඩි තද කරගැනීමට කෙල හල හලා සිටි දේශපාලන වෙළෙන්දය.  තවද රටේ සියලුම අහින්සක දුප්පත් ජනතාවගේ එකම බලාපොරොත්තුව හම්බන්තොට කීඩා සැනකෙලිය යැයි පමිපෝරි ගැසීමට බලා සිටි දේශපාලන පම්පෝරි කාරයින්ය.නමුත් තවමත් ඹවුන්ට කීමට දෙයක් ඉතිරිව ඇත.එය නම් මෙම කීඩා තරගාවලිය අහිමි ද එක්තරා ජ්‍යත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් යන්නය.

නමුත් දැන් අප කල යුතු වන්නේ ගිය දේ ගියාවේ කියා එකිනෙකාට ඇගිල්ල දිගුකරමින් වරද අනුන් පිට පැටවීම නොව,2018 දී අපට අහිමි වු කීඩා සැනකෙලිය 2022දී වත් ලබා ගැනීමට පිබුරැ පත් සකස් කිරීමය. සකස් කිරිම පමනක් නොව එය ක්‍රියාවේ යෙදවීමය. රට තුල ක්‍රීඩා පිටි ක්‍රීඩාව සංවර්ධනයට සක්‍රීය දායකත්වය ලබා දීමය.

එතුලින් සංවර්ධනය වන අප රටේ ක්‍රීඩාව තුලින් 2014දී ග්ලැස්ගෝව් හීදී හා 2018දී ඔස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් හීදී පැවත්වන තරගාවලදී උපරිම පදක්කම් ගනනකට හිමිකම් කීම තුලින්අප රටද දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්  ස්වයංපෝෂිත රටක් බව ඒත්තු ගැන්වීමය. තවද පොදු රදමඩුලු කීඩා තරගාවලියක් සදහා තරග කර ආ දුර ගත් අති මහත් වු අත්දැකීම් තුලින් 2015දී පැවැත්වෙන ඡන්ද විමසීමේදී තරග වැද 2022දී පැවැත්වීමට නියමිත ක්‍රීඩා තරගාවලිය අප රටට දිනා ගැනීමය.

5 comments:

  1. ගොඩක් සතුටුයි පොඩ්ඩා බ්ලොග් අවකාශයේන් අදුරගන්න ලැබීම.පොඩ්ඩෝ වර්ඩ් වෙරිෆිකේශන් එකත් අයින් කරමු කොමෙන්ට් කරන්න ලේසි එතකොට.

    ReplyDelete
  2. නියමයි පොඩ්ඩා දිටම ලියමු ........:D

    ReplyDelete
  3. මොනවා කරන්නද පොඩ්ඩෝ !!!
    ඒක ඉතින් අපේ රටේ ලැබිම නේ. කවදාහරි අපටත් වාරයක් ඒවි නේ. එතකන් ඉමු.

    ReplyDelete
  4. ආහ් අදනේ දැක්කේ බ්ලොග් එක නදී අක්කා දාපු පාර දිගේ තමා ආවේ සුභ පැතුම් අයියේ දිගටම ලියන්න :D

    මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා නම් හරි අයියේ

    ReplyDelete
  5. ඒ.....යි! උබත් බොලොග් එකක් ලියනවද?.. එලනේ...... දිගටම ලියහන් !!!

    ReplyDelete

www.helpworld.cc.cc