Blogger Widgets

Tuesday, November 15, 2011

අවාරේ සිරිපා..

නොමියෙන මතකයන් 1

සමනල කන්ද කීවාමනමි ඉතින් මේ කාටවත් ඉතින් අමුතුවෙන් ඒ ගෑන මතක් කරන්න දෙයක් නෑනෙ. ඉතින් මේ මම කියන්න යන්නෙත් සමනල කන්ද ගෑන නම් නෙවෙයි.  මේක අපි තුන්වන වසරෙ ඉද්දි සමනල කන්ද මුදුනේ පිහිටුවා ඈති සිරිපතුල වදින්න ගිය දුර්ලබ ඝණයේ ගමනක් ගැන.

සිරිපා කරුණාව කීවාම නම් අපි හැමොටම මතක් වෙන්නෙ ඉතින් උදුවප් පොහොයේන් ආරම්භ වෙලා වෙසක් පොහොයේන් අවසන් වන සිරිපා සමය ගැන තමයි ඉතින්. ඒ කාලේට අපි කියන්නේ සිරිපා වාරේ කියල.ඒත් ඉතින් අපි නම් සිරිපා කරුණා කරන්න ගියෙ ඔක්තෝම්බර් වල, ඒ කියන්නෙ අවාරේ.

ඉතින් ඒ කාලේ අපි ඔන්න කැම්පස් ඒකේ තුන්වන වසරට ගිහින් මාස 2ක් ව්තර ඇති.ඉතින් අපි සේරම බැච් එකම ඉදියේ එකට. ඒ කාලේ අපිත් එක්ක ඉදිය උද්දික කියල ඔය කුරුවිට පැත්තේ ඉන්න යාලුවෙක්. ඔන්න දවසක් කටිටිය එකට ඉද්දි එයා යෝජනාවක් කලා 'එහෙනම් යමුද කට්ට්ය අවාරේ සිරීපදේ කියල'. ඉතින් එතන ඉදපු කවුරුත් අවාරේ සිරීපදේ ගිහින් තිබුණෙ නැති නිසා ගොඩක් අය එක අනුමත කලා. ඔන්න ඔහොම තමා වැඩේ  සෙට් උනේ.

වැඩේ කතා කලාට ඉතින් යන දවසක්, කොහොමද යන්නේ, කවුරුද යන්නේ කියලනම් ඉතින් කාටවත් ලොකු අදහසක් තිබ්බෙ නෑ. මොකද නඩේ ගුරා ඉන්නේ ඇනිමල් Scඊන්cඑ ඪෙග්‍රී  එකේ නිසා යන දවස තීරනය උනේත් එයාලට තිබ්බ වැඩ එක්ක.

ඔන්න ඔය අතරෙ එක එක අයට Mid semester exam එහෙම එක දෙක තියෙන කාලෙ.ඔහොම යද්දි එක බ්‍රහස්පතින්දා දවසක අපිටත් MIS වල Mid Exam සදුදා තියනව කීවම හැමොම එකට පාඩම් කරන්න පටන් ගෙන තමයි තිබුනෙ.
ඒ අතරෙ කවදත් Exam  වලට බාගෙට Set වෙලා යන අය අතරෙ තමයි මමත් ඉදියෙ. කමක් නෑ කොහොම හරි එන විදියකට ලියනව කියල පොඩ්ඩ පොඩ්ඩ පාඩම් කර කර ඉද්දි සිකුරාදා 1 ට විතර ටයිස කතා කරල කීව යමන් අද කට්ට්ය සිරීපාදේ යන්න Set වෙනව කියලා. එත් එක පාරටම ඔලුවට අවෙ සදුදා තියෙන එක ගැන.

ගත් කටටම මම කීවෙ අද නම් බෑ බන් මට සදුදා Exam එකක් තියනව කියල, එත් එක කීවෙනම් හිතකින් නම් නෙවේ. ඔන්න කොහොම හරි 2-3 වෙද්දි ට පස්සෙ කට්ට්යම යන්න තමා ලෑස්ති උනේ. ටයිස තව පාරක් කීව පොඩ්ඩො යමන්කො අපිත් එක්ක කියලා, මමත් ඉතින් වෙනදා වගේ පහත් හඩින් බෑ කියල කීවට මටත් යන්න නම් තමා හොදටම හිත. ඔහොම ටිකක් වෙලා යද්දි ටයිස මම යනව පොඩ්ඩො කියල යන්න පිටත් වුනා. ඔන්න ඔහොම සුස, උද්දික, අජියා, පෙත්තත් යනන පිටත් වෙලා ගියා.
හැමොම යන්න ගියාට පස්සෙ නම් හොස්ටල් එකම මහා පාලුයි වගේ දැනේන්න ගත්තා.  ටික වෙලාවක් යනකොට මමත් එක පාරටම තීරනය කලා Exam එක මොනව උනත් මමත් යනව කියල. ටයිසට Call එකක් අරගෙන මම එනකල් ඉන්න් කියල, විනාඩියට දෙකට බෑග් එකට ඔන කරන ඇදුම් 2ක 2ක් දාගෙන මමත් කටිටියත් එකක ගමනට සෙට් උනා. ඔහොම තමා මගෙ අවරේ සිරිපා ගමන ආරම්භ උනේ.

මම පාරට යද්දි කට්ට්යම මම එන්කල් බලාගෙන ඉදියා, ඔය අතරෙ තමයි එතන ඉදපු අමුත්තා මම දැක්කෙ. එ තමයි අපේ Degree එකෙම ඉන්න ඩොම්ය. මොනව උනත් සහයට ඩැනී වගෙ ඉදපු ඩොමිය දැක්කම තමා හිතට ටිකක් වත් සහනයක් දැනුනෙ.

දැන් නඩේ 8 දෙනයි. මම, ටයිසා, පෙත්තා, සුසා, අජියා, රවී, ඩොම්යා, වගේම නඩේ ගුරා උණ උද්දිකත් ඒ අතර උනා. ඔන්න ඉතින් ඔය විදිහට කට්ටියම ගමන පිටත් වෙලා දවසේ නවාතැන වෙල තිබුන නඩේ ගුරාගේ ගෙදරට යන්න පිටත් උනා.

දැඩි වැස්සක මැද අපි නඩේ ගුරාගේ ගෙදරට එන විට රෑ 7.30 විතර විතර ඇති. අප එන බව දැනගෙන සිටි උද්දිකගේ ගෙදර අම්මා, තාත්තා, අක්කා සහ අයියලා අපව පිලිගත් ආකාරයට අප ඇග පතද තිබූ තෙහෙට්ටුවද නිකන්ම තුනී වන්නට විය. ගෙට ගොඩ වූ ගමන්ම රසවත් බීම වීදුරුවකින් සප්පායම් ඌ අප ඊලගට හෙට දිනයේ අති අති දුශ්කර වු ගමනට සූදානම් වන අතර තුර සියල්ලම පුලු පුලුවන් විදිහට ඇග පත සොදා ගත්තේ දැඩ් වැස්සද නොතොකාමය.

ගමනට අවශ්‍ය අඩුම කුඩුම ලැයිස්තුවක් සකස් කල අප සවොම වැස්සද නොතොකා කුරුවිටට ගොස් සියලු දැ මිලයට ගනු ලැබ්න. ඒ අතර නුඩ්ල්ස් කිලෝ 4ක්, බිස්කට්, ලුනු, තක්කාලි, සබන්, දත් බෙහෙත්, සහ තවත් බොහො දේ වු අතර ගමනට අවශ්‍ය කල පාන් ම්ලයට ගැනීම පසුදා උදයට කල් දමනු ලැබීය.
සියලු අඩුම කුඩුම රැගෙන ආ අප සැනකෙන් රසවත් අහාර වෙලක් සිනහව පිරුනු රස කතා අතර තුර සමග කෑදර කමෙන්ම ගිල දමා ගමනට අවශ්‍ය තවත් ද්‍රව්‍යක් වු තුවල බෙහෙත්, වෙලුම් පටි, පෙනඩොල්, ඇතුලු නොයෙකුත් බෙහෙත් වර්ගද නඩේ ගුරාගේ ගෙදර අසල වු ඩිස්පැන්සරියෙන් එකතු කර ගත් අප සියලු බඩු බාහිරාදිය ගමනට අවශ්‍ය  ලෙස සුදානම් කල අතර සියල්ල නින්දට වැටෙන විට රාතී 12 ද පසුවී තිබු අතර අප සියල්ල නින්දට වැටුනේ  සිරිපා කරුණා කිරීමේ බලවත් වු අශාවද සිත තුල වු තරමක වු බයද සමගමය.


පසුදා උදෙන්ම අවදි ඌ අප උදේන්ම සකස් කර දුන් තේ කෝප්පයකින් සප්පායම් වී කඩිමුඩියේම ගමනට සුදානම් වු අතර අප අවදි වන විටත් අවදි වී සිටි අම්මා තාත්තා සහ අක්කා අපට අවශ්‍ය උදය සහ දවල් අහාරය පිලියල කර තිබින. අපට ඉතිරි කර තිබු කෑම පාර්සල් සකස් කිරීම සැනකින් නිමා කල අප එක් අයකුට පාර්සල් 2ක බැගින් පාර්සල් 16ක් සකස් කර සියල්ල හැකි පරිදි තම තමන්ගේ බෑග් වලට දමා ගත් අප වැඩිහිටියන්ගේද අවවාද මැද ගමන පිටත් විය.

කුරුවිටින් කලින් දා මිලදි නොගත් පාන් ම්ලට ගත් අප වෑන් රියේන්ම ගමන පිටත් වු අපට ගෙදර සිට සිරිපා කරුණාවෙහි ආරම්භක ස්ථානය වු කුරුවිට එරත්න නම් ස්ථානයට යෑමට කිලෝ මීටර් 12ක් පමන වු හෙයින් අපගේ ගමනට සහය වු උද්දිකගේ ලොකු අය්යාද ආදරයෙන් මතක් කල යුතුය.
ඒරත්නට උදේ 6.30ට පමන ලගා වු අප ඒ ගමන අතර තුරදි දුටු දිවා ගුහාව අතුලු ඓතිහාසික සිද්දස්ථාන දුර සිට නැරබුවේ නඩේ ගුරාගේ නොමසුරු අවවාද හා ඇග කිල පොලා යන සීතලද මද්‍යයේමය.

ඒරත්නෙහි උඩා කඩ මන්ඩියක් අසල අපව ඇරලවා ලොකු අය්යා අපසු ගිය අතර එහි තිබු එකම කඩයේන් තවත් ද්‍රව්‍ය කිහිපයක් ම්ලදි ගත් අතර, කුඩා කඩයෙහි වු සිතලට අත් වලට පලදින අත් මේස් වර්ගයක් සියල්ලම මිලයට ගතිම්. තවද මලුවටම 1ක් නොවුවද හැකි පමනින් සීතල තුනී කර ගැනීමට ගැමියන් විසින් පානය කරන්නාවු කුඩා බීඩි බන්ඩල් දේකක්ද මිලයට ගතිමි
දැන් සියල්ලම නිසි අකාරව තිබු හෙයින් නඩේ ගුරාගේ නිසි උපදේස් පරිදි, ගමනට අවශ්‍ය පරිදි කොට කලිසමකින් සැරසුනු සියල්ලම නමස්කාරය කියා බුදුන් සිහිකර සිරිපා කරුණාව ආරම්භ කල අප නඩේ ගුරා පෙරටු කොට පාර දෙසට ඝණවට වැඩී තිබූ මානා පදුරු මැදින්ම අති පාරිශුද්ද වූත් නිර්මල වූත් සමන් දෙවිදුන්ගේ අඩවියට පිවිසෙන්නට විය.

මාගේ හතර වැනි සිරිපා කරුණාව වූ මෙය වුවද කලින් තුන් වතාවෙහිම හැටන් නල්ලතන්නි මාර්ගයෙන් සිරිපා කරුණා කර තිබූ මා හට මෙය අලුත්ම අත්දැකීමක් වූ අතර සිරිපාද අඩවියට කෝඩුකාරයකු නොවූ මා හට සියල්ල කෝඩුකාර සේයාවක් සේ දිස් විය. කිලෝ මීටර් 18 ක් පමන වූ ඒරත්න් පාරෙහි කිලෝ මීටරයකටත් අඩු දුරක් ගමන් කරන විට අපට ගමනේ වූ  පලමු අභියෝගයට අපට මුහුන දීමට සිදු විය. එය නම් දිගින් දිගටම එල්ල වූ කූඩෙල්ලන්ගේ පහර දිමය.දොල පහරක් ළග නතර වු අප රැගෙන ආ සබන් කැබැල්ලෙන් දිය කරන ලද සබන් තවරා ගත් අතර එයින් යම් පිටුවහලක් අප සියල්ලටම ලැබුනා නිසැකය.

සබන් වලින් ලද අත් වැසිල්ලද සමග යලිත් ගමන පටන් ගත් අප හට යෑමට හැකි වූයේ මද දුරක් පමණි. අපගේ ගමන අවාරයේ සිදු වූ නිසා යෑමට හරි හමන් පහසු මාර්ගයක් නොවූ අතර පාර සියල්ල ඝණවට වැඩුනු තෘණ පදුරු වලින් වැසී ගොස් තිබු අතර තෘණ පදුරු වල වූ පින්න නිසාවෙන් පාද වල තවරා ගත් සබන් සියල්ල සේදී ගොස් තිබූ අතර යලිත් අවේගශීලී කූඩෙල්ලන්ගේන් සිදුවන පීඩාව වැඩි වන්නට විය. යලිත් කකුල් වල සබන් ආලේප කර ගැනීමේ අටියෙන් කුඩා දොල පහරක් නතර වූ අපට  කූඩෙල්ලන් ඒල්ලීම වලක්විය හැකි තවත් අගනා ද්‍රව්‍යක් හමු විය.

දොල පහර නතර වූ අපට දැකගන්නට ලැබුනේ දොල පහර අසල ඇති අම්බලම ළග වූ විශාල වූ දොඩම් ගසක් සහ එහි වූ දොඩම් ගෙඩි රාශියකි. සැනෙන් ගසට නැග ගත් අප දොඩම් ගෙඩි රාශියක් කඩා ගත් අතර අපගේ පලමු අරමුණ වූයේ රසවත් වූ ආහාරයකි. අප ලග වූ කුඩා පිහියේන් හැකි පරිදි කපාගත් දොඩම් කෑමට ගැනීමට සැරසුනද දොඩම් වල වූ මද ඇබුල් රස නිසාවෙන්ම් එය අතහැර දැමූ ප්‍රයොජනවත් කටයුත්තක එය යෙදවීය. කපාගත් දොඩම් පොඩිකර කකුල් වල තවරා ගත් අප ගෙඩි 2 -3ක් බෑගටද දමා ගත්තේ පසු ප්‍රරයෝජනය සදහාය. කෙසේ වෙතත් දොඩම් වල පිහිටෙන් අපි කූඩෙල්ලන්ගෙන් බේරී සැහෙන දුරක් පැමිණියෙමු.

පැය දෙක තුනක් ගස් කොලන් අතරේන් පැමිණි අපි හට දැඩ් වෙහෙස කර බවක් දැනුන හෙයින් විඩාව නිවාගැනීමට ස්ථානයක් සොයමින් යන අතර තුර හමු වූ පාලු අවාරයට තනිකර තිබූ තරමක විශාල කඩයකට ගොඩ වූ අප එහිදි බිස්කට් වලින් රසවත් වෙමින් විනෝද වෙමින් සිටින අතර තුර අප නඩයට තවත් සාමාජිකයින් තුන් දෙනෙක් එකතු වූ අතර ඔවුන් නම් පෙරසේ මෙන් අප අතරමන් වී අතැයි සිතු තරමක් වැඩුණු බලු යාලුවන් තිදෙනෙකි. ඔවුන් සමග නඩය තවත් විශාල වූ අතර දැන් සියල්ලම දහ තුනක් බවට පත් විය. අපගේ බලු යාලුවන්ටද හොද හැටි බිස්කට් වලින් සන්ග්‍රහ කොට පැය බාගයක් පමණ ගතකර යලිත් ගමන පිටත් විය.

ගිමන් හලෙන් පිටත් වු අප තවත් ඉදිරියට යන විට කුඩා පරිමාණයේ ජල පවිත්ත්‍රාගාරයක් හමු වූ අතර එහි මායිමේ ඇති කම්බි වැට දිගේ මදක් දුර යන විට දිය ඇල්ලක වැනි හඩකට කන් දුන් අප නඩේ ගුරාගෙන් අසා දැනගත් පරිදි එහි වූ කුඩා දිය ඇල්ල සොයා බාදුරා ගසින් ගහන කුඩා තෙත් වූ  පදුරු අස්සේන් පිය මනින්නට විය.


කුඩා දිය ඇල්ල අසලට අප පැමිනෙන විට උදේ 10.30 පමණ වී තිබූ අතර උදය ආහාරය ගැනීමට සුදුසු ස්ථානයක් වූ එහි වූ ගල් තලාව මත ගිමන් හල අප සැනකෙන් සියලු ඇදුන් ගලවා දමා අසල වූ දිය ඇල්ලේ  වූ කුඩා ජලාශයේ අයිස් තරම් සීතල වතුරේ කෙලිලොලින් නොයෙකුත් ක්‍රීඩාවන් කරමින් ඇති පදම් නා ගත් අප ගොඩට එන විට ඇස් ජම්බු ගෙඩි තරම් රතු වී තිබින. නිරුවතින්ම සිටි අප සියලු දෙනා ඇගේ ඇති වතුර වේලෙන තුරු ගල් තලාව මත නොයෙකුත් විකාර කරමින් කල් ගත කල අතර විවිද ඉරියව් වලින් සමූහ චායාරූප රැසක් අපගේ චායාරූප ගොන්නට එක් කර ගත් අතර ගල් තලාව සමග වූ විශාල ප්‍රපාතයට මා ලිස්සා යාමට ගිය හැටි මට අද මෙන් හොදින් මතකය. වතුර වේලී ගිය පසු ඇදුම් ලා ගත් අප උදය අහාරය ගල් තලාව මතම අනුභව කොට අවසන් වී යලිත් ගමන අරම්භ කලහ. 

ගල් තලාව පසුකර ගිය අප අපගේ ගමන තවත් ඉදිරියට ගමන් කලේ මදක් සම උස් වූ මාර්ගයක වූ අතර එය වන්දනා කරුවන් විසින් කුඩා වූ කදු ගැට අතර සමෝච්ච උස් වූ රේකා වන් තුලින් නිර්මාණය කල ඒවා වූ අතර එවැනි වූ මාර්ග වල විශාල වූ දුරක් ගමන් කරමින් සිටි අප විවිද වූ කදුකර පක්ශීන් නරබමින් ඉදියට අදුනු අතර අප නෙතට ගැටුනු වලි කුකුලන් ගනන අති මහත්ය. අප ගමන පහසු කරවනු වස් කුඩා වූ බට පතුරු ගස් වලින් තරමක් දිග වූ රිටි කපා ගත්තේ කකුල් දෙකට අමතර වාරුවක් ලබාදීමේ අටියෙනි. තවද මුලදී අපට විශාලම වූ කරදරය වූ කූඩෙල්ලන් දැනුදු අපට කරදයක් උවත් එය අපට හුරුවී ඇති සැටියක් දක්නට තිබුණි. මන්ද යත් එක් පිය සටහනකට අප පාද වලට ගොඩවන කූඩෙල්ලන්ගේ ගනන දහයකටත් අදික වුවත් මේ වන තුරුත් ඔවුන්ගේන් සිදුවූ පහර දීමක් නොවූ නිසාවෙන් අප ඔවුන් ගැන ලොකූ අවදානයක් යොමු නොකලෙමු.

ඉතා පහසු එහෙත් දීර්ඝ වු මාර්ගයක ගමන් කල අප ඉපැරණි නටබුන් සහිත වූ තරමක් එලිමහන් ගල්තලාවකට  පැමිනි අතර ගල් තලාව මත මදක් විවේක ගත් අප බිස්කට් වලින් කුස පුරවාගත් අප බලු සුරතුලන්ටද බිස්කට් මගින් සන්ග්‍රහ කොට ගල් තලාව මත මදක් විවේක ගත් අතර අපගේ විවේකය කාලගුණය හරස් වීමට ගත වූයේ සුලු වේලාවකි. තද වර්ෂාවෙන් අවරනය වීමට  වැහි කබා ඇගලා ගත් අපි වැස්සද නොතකා යලිත් ගමන ආරම්භ කලහ.

ගමන කෙමෙන් ඉදිරියට ඇදෙත්ම වැසි බර කාලගුණය පහව ගිය හෙයින් අප ගමන ඉක්මන් කල  අප සීතගගුල නමින් හදුන්වන්නාවූ තරමක විශාල දිය පහරක් සහිත ස්ථානය හමු වූ අතර අපගේ ඊලග ගිමන් හල වූයේ සීත ගගුල සහ එය අසල වූ කුඩා අම්බලමයි. දිය අගල අසල විවේක ගත් අප සීතගගුලෙන් දවසේ දෙවන වරටත් ඇග සෝදා ගත් අතර දිය පහරෙහි වූ රවුම් වූ ගල් ගෙන දිය පහර හරස් කර ගත්තේ තරමක ආශ්වාදයක්ද ඉන් ලබමිනි.යලිත් කුඩා සිරිපොද වර්ශාව තරමක් තීවුර වූ හෙයින් අසල වූ අම්බලම තුල අප තව දුරටත් ගිමන් හල අතර අප සදා ගත් තේ පැන් මතින් සප්පායම් වු අප යලිත් අතිවූ පහැබර කාලගුනයත් සමග යලිත් ඇරබූ අතර වෙහෙස නොතකා දිගු වේලාවක් අප අකන්ඩව ගමන් කලෙමු.

එලෙස කදු පල්ලම් දිගේ පැය ගනනාවක් ඇවිද ආ අපට පැ‍ය ගනනාවකට පසු අප අට දෙනා හැරුනු විට හමුවූ පලමු පුද්ගලයා හමු විය. ඔහු අසල කුමන හෝ ගමක ගම් වැසියෙක් වූ අතර ඔහුගෙන් ගුරු හරු කම් ලද අපට අසන්නට ලැබුනේ ඉදිරියෙන් ඇති තැනි තලාවේ ගිමන් හැරීමට අම්බලමක් ඇති නමුත් නිතර කුරු අලි නිතර තැනිතලාවේ ගැවසෙන හෙයින් ඉක්මනින්ම එතනින පිටවී යන ලෙසයි. එම ස්ථානය වූ කලි ඒරත්න මාර්ගයේ පලමු ඉදිකටු පහන හමු වූ ස්ථානය වුහ. ඉදිකටු පහන අසල වූ අම්බලමේ විවේක ගත් අප රැගෙන ආ දහවල් අහාරය අම්බලමේ සිට අනුභව කල අතර බීමට පමනක් පිරිසිදු ජලය අප සතු වූ බැවින් අසල වූ කුඩා දිය කඩිත්තෙන් අත සෝදා ගත් අප විගහින් කෝඩුකාරයින්ගේ චාරිත්‍ර එතන සිට ඉටු කලෙමි. මාගේ මතකය පරිදි අප නඩයේ සිටි කෝඩුකාරයින් නොවන පුද්ගලයින් දෙදෙනා වූයේ මා සහ නඩේ ගුරා පමණි. ඊලගට පැමිණියේ ඉක්මනින් චාරිත්‍ර ඉටු කල අප එම ස්ථානයෙන් පිට වීමට තීරණය කල ප්‍රධානම කාරනය වූයේ වල් අලින්ට ඇති බිය නිසාම නොව අහස අදුරුකරමින් මීදුම දසත පතුරුවමින් ආ වැසි වලාකුලු නිසාවෙන්මය.

කදු පල්ලම් අධික වූ එම මාර්ගය අප හට  දැඩි වෙහෙසකර බවක් ගෙන දුන් අතර ඉදිරියට ඇදුනු අපට වැඩි දුරක් එලෙස ගමන් කිරීමට ඉඩ නොදුන් දැඩි වර්ෂාව නිසා අපගේ ගමන ටිකෙන් ටික මන්දගාමී විය. යලිත් වර්ෂාවෙන් ආර්ක්ෂා වීමට ආවරණයක් සොයා ගත් අප පාලු අම්බලමක් තුල දීර්ග වේලාවක් රැදී සිටිමින් වැස්සට බැන වදිමින් කාලය ගත කලහ. වර්ෂාව අප හට දැඩි අපහසුවක් ගෙන දුන්නද එය අවාරයට සිරිපා අඩවියට පොදු තත්වයක් විය. ටික වේලාවකින් වර්ෂාව යලිත් තුනී වූ අතර ගමන ආරම්භ කල අපට වැස්සට තෙමීම සාමාන්ය දේයක් බවට පත් වී තිබින. නමුත් මෙවරද වර්ෂාව දැඩි උවත් වර්ෂාව නොතකා ඉදිරියට ඇදුනු අපට නොසිතු පරිදි ලැබුනු ගෞරවනීය ආරාධනය නිසා සියල්ල සතුටින් පිනා ගිය බව නම් නොඅනුමානය.

දැඩි වර්ෂාව සමග ඉදිරියට ඇදුනු අපට දමිල මිතුරන් තිදෙනෙකුගෙන් ලැබුනු උණුසුම් පිළිගැනීමත් සමග සිමෙන්තියෙන් තනන ලද උලු සෙවිලි කල ගොඩනැගිල්ලකට ගොඩ වැදුනු අපට දැන ගන්නට ලැබුන අකාරයට  හැටන් සිට පැමිණ සිටි ඔවුන් ගොඩනැගිලි ඉදි කරන්නන් වූ අතර අපට සෙවන සපයන ස්ථානය වාරයට පොලිස් ස්ථානයක් ලෙස භාවිතා වන ස්ථාන විය. තවද එම ස්ථනය රත්නපුරයේ සිට පැමිනෙන පලාබද්දල මාර්ගය හා කුරුවිට ඒරත්න මාර්ගය වූ හෙයින් වාරයට දැඩි ජනතාවක් ගැවසෙන ස්ථනයක් විය.  දැඩ් වර්ෂාවට අසුවී සිටි අප දැඩි ලෙස තෙත බරිත වී සිටි අපට දමිල මිතුරන් තිදෙනෙකුගෙන් ලැබුනු උණුසුම් තේ කෝප්පය කෑදර ලෙස උගුරට හලා ගත් අපට ඔවුන්ගෙන් දැන ගන්නට ලැබුනේ මේ වන විට අප සමනල කදු ශිකරය පමුලට පමින ඇති බවය. ඒ  වන විටත් සවස 5 පමන වී තිබූ හෙයින් ඉක්මනින්ම මිතුරන්ගෙන් සමු ගත් අප  යලිත් ගමන ඇරබූහ.
ගල් මුල් සහිත ඉතා දුෂ්කර මාර්ගයක පැමිණි අප හට සිමෙන්ති යොදා සකස් කල පඩි පෙලවල් සහිත මාර්ගය හමු වූ අතර නමුත් පෙරමෙන් නොව මේවා දැඩි බෑවුම් සහිත ලෙස සකස් කර තිබූ හෙයින් ගමන තරමක් දුෂ්කර විය.කෙමෙන් කෙමෙන් අදුර විසින් ගිල ගනිමින් තිබූ කදු යායම තරමක් පාලු ගතියක් ගෙන දුන්හ. අදුරත් සමග පැතිර ගිය දැඩි සීතල ගමන ටිකෙන් ටික දුෂ්කර කල අතර දිනය තිස්සේ ඇවිද ආ අපට ඇති වූ දැඩි තෙහෙට්ටුව සහ වැස්සෙන් බැට කෑ අපට ඇතිවූ දැඩි අපහසුව ගමන කෙරෙහි වූ දැඩි අශාව සහ භක්තිය නිසාවෙන්ම නොදැනුනා විය හැකිය. තවද අප හට වූ තවත් බාදකයක් වූයේ  විදුලි ආලෝකයක් නොමැති දැඩි බෑවුම් සහිත පඩ්පෙලවල් තුල තිබූ එකම ටෝචයේ එලියෙන් ඉහලට නැගීම වූයේ තවද කිසිදු ආලෝකයක් නොවූ නිසවෙන් සහ ජන්ගම දුරකතන සියල්ල පවා වී තිබූ නිසාවෙනි.

කෙසේවතුද අවසානයේ අති දුෂ්කරවූ මාර්ගය තුල ඉදිරියට ඇදුන අප දීර්ඝ වූ කුරුවිට ඒරත්න මාර්ග තුලින් කිලෝ මීටර 18 කට ආසන්න දුරක් පැය 13කට අධික කාලයක් ගෙවා අති පාරිශුද්ද වූත් නිර්මල වූත් සිරිපා කදු මුදුනට පිවිසියෙමු.





No comments:

Post a Comment

www.helpworld.cc.cc