Blogger Widgets

Wednesday, April 11, 2012

බිහිසුණු අනතුරට වසර 100 යි....

  දිනය, 1912 අප්‍රේල් 10, බ්‍රිතාන්‍ය මගී ප්‍රවාහන   නෟකාවක්  වූ ටයිටැනික් නැව, එවකට ලොකයේ තිබූ ලොකුම  අධි සුකෝපබෝගී මගී    නෟකාව  වූ අතර  එන්ගලන්තයේ සවුත්තැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා ඇයගේ කුලුදුල් චාරිකාව අරබන්නට විය.ලෝකයේ සිටි අති ධනවත් පුද්ගලයියේම පාරාදීසයක්  නෟකාව  තුල මගීන් සහ සේවකයන් ඇතුලුව 2,224 දෙනෙකු ගමන් ගන්නට වූහ.

ඇයගේ කුලුදුල් චාරිකාවේ දින 4ක් ගෙවෙන තැන, එනම් 1912 අප්‍රේල් 14 වන දින දකුණු අත්ලාන්තික් සාගරය හරහා ගමන් ගන්නා විට එහි වූ  යෝධ අයිස් පරයක රාත්‍රි 11.40 ට පමණ එය ගැටුනු අතර ගැටීම සමග  සිදුවූ හානිය නිසා  සියලුම එන්ජින්  කියා විරහිත වූ අතර එහි නැවේ බදට සිදුවූ පලුදු වීම තුලින් නැව තුලට ජලය කාන්දු වීම නිසා නෟකාව සාගරය තුල ගිලී ගියහ.

එන්ගලන්තයේ වයිට් ස්ටාර් ලයින් ආයතනය මගින් නිපදවූ එය ඔවුන් විසින් හැදින්වුයේ ලෝකයේ ආරක්ෂිතම මගී ප්‍රවාහන නෟකාව ලෙසය.ආරක්ෂිත බව නිසාම එය තුල ජීවිතාරක්ෂක බෝට්ටු 20 ක් වූ අතර එය මගීන්ගෙන් අඩක් රුගෙන යාමට ප්‍රමාණවත් වූහ.

අනතුරත් සමග සියලුම මගීන් හට ජීවිතාරක්ෂක ඇදුම් කට්ටට ලබා දී තිබූනත් සියලුම මගීන් ප්‍රවාහනයට ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණවත් නොවුයෙන්, නෟකාව සමග මුහුදු බත් වීමෙන් බේරීමට මගීන් නෟකාවෙන් ඉවතට පැන ඇති අතර එම අවස්ථාව වන විට ජලය සෙල්සියස් අංශක ඝෘණ 4ක උෂ්ණතවයකට ජීවිතාරක්ෂක ඇදුම් ප්‍රමාණවත් නොවීම මත විශාල පිරිසක් මියගියහ.

අනතුරත් සමග ජලයේ ගිලීම, අධික සීතල සහ සුන්බුන් ගැටීම නිස පුද්ගලයන් 1,514 දෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවූ අතට තවත් විශාල පිරිසකට තුවාල සිදු වූ එය එවකට සිදුව තිබූ දරුණුතම මුහුදු අනතුර විය. මිය ගිය පුද්ගලයින් අතර එවකට ලෝකයේ සිටි අති ධනවතුන් වු අතට ඔවුන් බහුතරයක් බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, සහ ස්කැන්ඩිනේවියානුවන් වූ අතර ඔවුන් බහුතරයක් උතුරු ඇමරිකාව තුල නව ජීවිතයක් ඇරබීමට සිහින මැවූවන් වූහ. 
අද මේ ගතවන වසර 2012 අප්‍රේල් 15 වන දිනට ඒ බිහිසුණු අනතුරට වසර 100 සපිරෙයි.


No comments:

Post a Comment

www.helpworld.cc.cc